ඉන්ධන පොලිමේ යතුරුපැදිය නවතා කන්න ගිය තිදරු පියා නොඑන ගමන් යයි

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා ඉංජිනේරු බළකායට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි විශ්‍රාමික සෙබළක් වන අතර ඔහු තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක අසල පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා පාන් ගෙඩියක් ද රැගෙන නිවසට පා ගමනිනි ගොස් තිබෙනවා.

එලෙස යමින් සිටින අතර තුර මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බුත්තල – කතරගම මාර්ගයේ රාජපක්ෂ මාවත ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුකළ යතුරුපැදිකරු බීමත්ව සිට ඇති බවට සැක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01