ඉන්ධන අර්බුදය නිසා මැතිසබය දින දෙකකට සීමාවෙයි

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දෙදින තුළ දී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (21) රැස්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.