ඉන්දීය ප්‍රජාව ඉලක්ක කරමින් වෛරී ප්‍රකාශ පල කළ ගිණුම් රැසක් සිංගප්පූරුව විසින් තහනම් කරයි

සිංගප්පූරුවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව සහ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කරගනිමින්, සමාජය තුළ ජාතිවාදී නොසන්සුන්තාවයක් ඇති කිරීමේ අරමුණින් අන්තර්ජාලයට මුදා හැර තිබූ සමාජ මාධ්‍ය සටහන් සහ ගිණුම් රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇති බව ‘ස්ට්‍රේට්ස් ටයිම්ස්’ (The Straits Times) පුවත්පත වාර්තා කරනවා.

සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, “විදේශීය මැදිහත්වීම් වැළැක්වීමේ පනත” යටතේ මෙම දැඩි පියවර ගත් බවයි. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම වෛරී සහගත සහ වැරදි තොරතුරු ඇතුළත් සටහන්, චීනය පදනම් කරගත් සන්නිවේදන ජාලයන් සහ වෙබ් අඩවි උපයෝගී කරගනිමින් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පතුරුවා හැර ඇති බවයි.

සිංගප්පූරුවේ විවිධ ජාතීන් අතර පවතින සමාජයීය සමගිය සහ ස්ථාවරත්වය බිඳදැමීම මෙම අසත්‍ය ප්‍රචාරයන්හි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

මීට පෙරද විවිධ රටවල් සිංගප්පූරුවේ අභ්‍යන්තර දේශපාලනයට සහ ජනවාර්ගික සබඳතාවලට බලපෑම් කිරීමට අන්තර්ජාලය භාවිත කර ඇති අතර, එවැනි ක්‍රියාවලට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව දැඩි නීතිමය පියවර ගන්නා බව සිංගප්පූරු බලධාරීහු යළිත් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25