ඉන්දීය නිළි ටූනීෂා ෂර්මා සියදිවි හානිකර ගැනීම සම්බන්ධව ජනප්‍රිය නළුවෙකුට චෝදනාවක් (ඡායාරූප)

ඉන්දීය ජනප්‍රිය නිළියක වන ටූනීෂා ෂර්මා සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන 28 හැවිරිදි ෂීසාන් මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ටූනීෂා ෂර්මා සහ ෂීසාන් අතර ප්‍රේම සම්බන්ධයෙක් තිබූ බවට මීට පෙර ක්ෂේත්‍රය තුළ කටකතා පැතිර ගිය බවයි.

ඉන්දීය ටෙලි කතා මාලාවක මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් ප්‍රදේශයේ පැවති රූගත කිරීමක් අතර තුර ඊයේ (24) ටූනීෂා ෂර්මා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.

ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ෂීසාන් මොහොමඩ් ඛාන්ගේ වේෂ නිරූපණ කාමරයේ දී බවයි තොරතුරු වාර්තා වන්නේ.

ටූනීෂා සියදිවි හානිකර ගැනීම සම්බන්ධයන් ඇගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවූ ටූනීෂා සියදිවි හානිකර ගැනීමට සුළු වේලාවකට පෙර සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් පළකරමින් “තමන්ගේ ආශාව විසින් මෙහෙයවනු ලබන අය නතර නොවේ.” යනුවෙන් සටහනක් ද එක්කර තිබුණා.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41