ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට පෑයූ අලුත් තරුව අගමැති මෝදි හමුවෙලා (ඡායාරූප)

මෙවර අයි.පී.එල් තරගාවලිය නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකයාවන වෛභව් සූර්යවංශි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූ වෛභව් සූර්යවංශිට බිහාර් – පට්නා ගුවන්තොටුපළේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථාව හිමිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අද දින සූර්යවංශි සහ ඔහුගේ දෙමාපියන්ට බිහාර් ගුවන් තොටුපළේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාව මෙලෙස හිමිව ඇති අතර, තවමත් නව යොවුන් වියේ පසුවන ක්‍රීඩකයා මෙහිදී අගමැති මෝදිගේ පාද ස්පර්ශ කර ආශීර්වාද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුවෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඔහුගේ ක්‍රිකට් කුසලතා මුළු ජාතියම අගය කරමින් පවතින අවස්ථාවේ ඔහුගේ අනාගත උත්සාහයන් සඳහා සිය සුභ පැතුම් එක්කරන බවයි.

මෙවර තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ සූර්යවංශිගේ දක්ෂතා පිළිබඳව ලෝකයේම අවදානය යොමුවුණා.

තරඟ හතකට පමණක් ක්‍රීඩා කළ මෙම යෞවනයා ලකුණු 252ක් රැස් කළ අතර, ජයිපූර්හිදී ගුජරාට් ටයිටන්ස්ට එරෙහිව ඔහු වාර්තා කළ විශිෂ්ට ශතකය ක්‍රිකට් ලෝකය පුරා කතා බහක් මතුකළ මාතෘකාවක් වුණා.

එහිදී සූර්යවංශි පන්දු 38 කින් ලකුණු 101 ක් රැස් කළ අතර, විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත්වල සිය නාමය ලියාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57