ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් සටනට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට පත් කරමින්.

උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 
03 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා. නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ද සමගින්. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු විස්සකදී ලකුණු 49 ක් රැස් කළ අතර යූසුෆ් පතාන් පන්දු 20 කදී ලකුණු 37 ක් රැස් කළා. විරේන්ද්‍ර ශෙවාග් පන්දු 17 කදී ලකුණු 35 යි. ටීනෝ ෆෙස්ට් ලකුණු 25 කට කඩුලු 02 ක් බිඳ හෙළුවා.

ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 206 ක් පමණයි. ඩ්වේන් ස්මිත් ලකුණු 63 යි. නායක බ්‍රයන් ලාරා ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තා.

අද (18) ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ද.අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට තරගවදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07