ඉන්දියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී පුද්ගලයන් 12 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පූනේ සිට මුම්බායි බලා ගමන් කරමින් තිබු මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී යාමෙන් පුද්ගලයන් 12 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් 27 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රථය අනතුරට පත් අවස්ථාවේ එහි ඉන්දීය සාම්ප්‍රදායික ගායක කණ්ඩායමක්ද සිටි බවත් ඔවුන්ගේ හත්දෙනෙක්ම මියගොස් ඇති බවත් මහාරාෂ්ට්‍ර පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්