එංගලන්තයට එරෙහි ව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වරුන් චක්‍රවර්ති එක් කර තිබෙනවා.
පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දී වරුන් එංගලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතාව මීට හේතුව බවයි වාර්තා වන්නේ.
වරුන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ද තරගාවලියේ වීරයා බවට පත් වූ අතර ඉන්දීය කණ්ඩායම එංගලන්තය පරදා තරග 4-1ක් ලෙස එය ජය ගත්තා.
දඟ පන්දු යවන්නෙකු වන වරුන් අද (04) නාග්පූර්හි දී පුහුණුවීම් ඇරඹූ බව ද වාර්තා වනවා.
ඉරිදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා වූ වරුන් 9.86 ක සාමාන්‍යයකින් කඩුලු 14ක් දවා ගනිමින් 7.66ක සාමාන්‍යය අගයක් සිය දක්ෂතාවෙන් දැක්වූවා.
වරුන් එක්දින වරම් ලබා ගන්නා පළමු අවස්ථාව ද මෙයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1