ඉදිරි මාස කිහිපය තුළ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරනවා

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේදී ඊයේ (15) දින පැවති පක්ෂ විපක්ෂ මහජන නියෝජිත හමුවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහයෝගය දෙන බවට ස්ථිර ප්‍රතිඥාවක් දැනටමත් ලබාදී ඇති බවයි.

කොපමණ දුෂ්කරතා තිබුණත් සමාජ ආරක්ෂණ වළල්ලේ පහසුකම් අඩු නොකොට පවත්වාගෙන යාමට රජය අයවැයේදී ක්‍රියා කළා. පසුගිය කාලයේ පොදු ලක්ෂණය වූයේ ආදායම් ඉපයීමේ මාර්ග අඩුවීමයි. රැකිරක්ෂා අහිමිවීම,ආයෝජන සඳහා ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සහ ඒ සඳහා උනන්දුව අඩු වීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු ඇනහිටීම මෙම තත්වයට බලපෑ අතර පසුගිය මාස ගණනාව තුළ අප මුහුණදුන් මූල්‍ය හා ආර්ථික පසුබෑම තුළ පළාත් පාලන ආයතන පමණක් නොව මුළු රටම පොදු තීරණයකට පරිවර්තනය කිරීමට රජයට සිදුවිය.

ඒ අනුව මූල්‍ය ආයෝජනයන් දැඩි පාලනයකට නතු කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ බොහෝ ආයතනවලට ලැබිය යුතු ආදායම් මාර්ග අවහිර වීමයි. ඇතැම් විට තමන් ජනිත කරගන්නා ආදායම් මාර්ග සංවර්ධනය සඳහා යොදා ගැනීමේ සීමාවකට පරිවර්තනය කෙරිණී. එය රජයක් ලෙසත් දෙපාර්තමේන්තු සංස්ථා ලෙසත් පළාත් පාලන ආයතන වලටත් බලපෑම් ඇති කරනු ලැබීය.

එළැඹෙන ජනවාරි මාසයේ සිට මෙම තත්ත්වයේ යම්කිසි ලිහිල් බවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරයි. ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ සම්බන්ධයෙන් දැනටමත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ. එහිදී පළාත් පාලන ආයතනවලට ද තමන්ගේ කටයුතු කරගෙන යෑමට තිබූ බාධාවන් බොහොමයක් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරණ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43