ඉදිරියේදී එලවළු මිල තවත් ඉහළට

එළබෙන නත්තල් උත්සව සමයේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙලදපොලට ලබාදිට නොහැකි විම හමුවේ දේශිය වෙලදපොලේ එළවළු මිල තවදුරටත් ඉහල යන බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි  මහතා අවධාරනය කරයි.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (30) දින නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරචිචි මහතා කියා සිටියේ රටේ පාලකයින් විසින් මෙරට  කෘෂිකර්මාන්තයට සිදු කල මහ විනාශය හේතුවෙන් එළවළු වගාවේ නිරතව සිටි කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවින් රැසක් එළවළු වගාවෙන් මේ වන විට  ඉවත් වි ඇති බවයි.

දේශිය අර්තාපල් කිලෝවක් රුපියල් 440 ක් දක්වා ඉහල මිලකට මේ දින වල  මිලදි ගන්නා බවත් , එයට සමගාවිව කැරට් , ලික්ස් ඇතුළු උඩරට සහ පහතරට එළවළු වර්ග රැසකම ගැනුම් මිල ඉහල යැම් හමුවේ එළවළුවල සිල්ලර මිලද මේවන විට වැඩි වි ඇති බවයි.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පිට පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වලට දිනකට එළවළු කිලෝ ලක්ෂ දෙක හමාරක් පමණ එළවළු සැපයුමක් සිදු කලද  පවත්නා තත්වය මත මේ වන විට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට එළවළු කිලෝ හැට පන්දහසක් , හැත්තැ පන්දහසක් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටි ඇති  බවයි සභාපති වරයා කියා සිටින්නේ.

තවද නුවරඑළිය ප්‍රදේශයේ රසායනික පොහොර අලෙවි කරන වෙලදසැල් වල කිලෝ පනහක රසායනික පොහොර මිටියක් රුපියල් විසිතුන්දහසක් වැනි අධික මිලකට අලෙවි කරන බවත් , එම මිලට රසායනික පොහොර මිලදි ගෙන එළවළු වගා කිරිමෙන් ගොවින්ට විශාල  පාඩුවක් සිදුවන බවයි.

බිජ අර්තාපල් හොන්ඩරයක් රුපියල් තිස්පන්දහසක් වැනි අධික මිලකට අලෙවි කරන බවත් , එවැනි අධික මිලකට බිජ අර්තාපල් මිලදි ගෙන අල වගා කලද පවතින රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍යය මිල ඉහල යැම සහ පවත්නා හිගය මත  අර්තාපල් අස්වැන්නද අඩු   විම නිසා ගොවින්ටද එම වගාවෙන් පාඩු සිදු වන බවයි සභාපතිවරයා කියා සිටියේ.

මෙරට රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍යය බිජ ඇට වර්ග අනායනය කරන බහු ජාතික සමාගම් එකාධිකාරියක් පවත්වාගෙන යන බවත් , එම ඒකාධිකාරිය බිද දමමින් කිලෝ පනහක  රසායනික පොහොර මිටියක් රුපියල් දසදහසක් සහ දහතුන්දහසක් වැනි උපරිම මිලකට ගොවින්ට  ලබා දිමට මෙරට පුද්ගලික ආයතන කිහිපයක් කැමැත්ත පල කර ඇතත්, ඒ සදහා රජයේ වගකිවයුතු නිලධාරින් එම ආයතන වෙත  අවසරය ලබා නොදි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආර්ච්චි මහතා කියා සිටියේ .

මෙරට ගොවින්ට අවශ්‍යය හරිතාගාර , නවිනතම කෘෂි උපකරණ සහ ජපන් රජයේ තාක්ෂණය මෙරට ගොවින්ට ලබා දිමට ජපන් රජය කැමැත්ත පල කර ඇතත් ඒ සදහාද මෙරට වගකිවයුතු නිලධාරින්ගේ අනුමැතිය ලැබි නොමැති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙම මාධ්‍යය හමුවෙදි වැඩි දුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12