ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකුට ලැබුනු අවස්ථාව

එළැඹෙන ජනවාරි 8 වැනිදා තායිලන්තයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ සටන් ශූරතාවක් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුට තරග වැදීමේ අවස්ථාව උදා වී තිබේ. ඒ මලින්ද අමරසිංහ සහ අජ්මාල් යකුබ් යන ක්‍රීඩකයන්ටය.

මිශ්‍ර සටන් කළා ක්‍රීඩකයන් දෙදෙනකු වන මලින්ද සහ අජ්මාල් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිශ්‍ර සටන් කලා වෘත්තීයමය ක්‍රීඩකයන් දෙදෙනකු වේ.

එම තරගයේදී ශ්‍රී ලංකාවේ අජ්මාල් යකුබ් තායිලන්තයේ සයිමොන් සමගින් තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මාලින්ද පිලිපීනයේ රොකී බැක්ටෝල් සමගින් තරග වැදීමට නියමිතය.

මෙම ශූරතාවේ ප්‍රධාන තරගය රොකී සහ මාලින්දගේ සටන වන අතර ඊට අමතරව ඇමරිකාවේ සැමුවෙල් ඇලෙක්සැන්ඩර්, මැකොවෝහි නිකෝ චෑන් සමගින් සහ ඇමරිකාවේ කොල්ටන් කිල්බසා, එක්සත් රාජධානියේ ජේ.ජේ. ජෝන්ස් සමගින් තරග වැදීමට සූදානමින් සිටී.

රොකී මේ වනවිට ආසියානු කලාපයේ මිශ්‍ර සටන් කලාවෙන් ප්‍රබලයකු වන අතර මාලින්ද සමගින් ඔහු තරග වැදීම ශ්‍රී ලංකාවට විශේෂය. මෙම ඓතිහාසික තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වමින් මාලින්ද අමරසිංහ ‘ඇත්තටම මෙය වසර ගණනක සිටම මට තිබුණු බලාපොරොත්තුවක්. ජාත්‍යන්තර වෘත්තීයමය මට්ටමට යන්න මේක මට හොඳ අවස්ථාවක්. ඒ වගේම රොකී කියන්නේ ප්‍රබල ක්‍රීඩකයෙක්. නමුත් මෙම තරගය ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන්න තමයි මගේ බලාපොරොත්තුව’ යි සඳහන් කර සිටියේ.

මෙම තරගාවලිය සඳහා ආසියානු මට්ටමේ ජනප්‍රිය තරග සංවිධායකින් සහ ආයෝජකයන් සහභාගි වන අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අනාගතයට විශාල ආයෝජනයක් වනු ඇත.

ඉකුත් 2018 වසරේදී මාලින්ද සහ අජ්මාල් තරග වැදුණු අතර එම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක් ද විය. මලින්ද සහ අජ්මාල් මේ වනවිට හවුස් ඔෆ් චැම්පියන්ස් කණ්ඩායම යටතේ පුහුණුවීම් සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42