ඉතාලි රැකියා සොයන අයට දැනුම්දීමක්

ඉතාලි රැකියා කෝටාවට ශ්‍රී ලාංකිකයින්ට ඝෘජුවම අයදුම් කිරීමට නොහැකි බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ තනාපති ජගත් වැල්ලවත්ත මහතා පවසනවා.

ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සඳහා අයඳුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසිනුයි සිදු කළ යුතු වන්නේ.

ඒ අනුව එම අවස්ථාව සඳහා ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවයි තනාපති ජගත් වැල්ලවත්ත මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් ඉතාලියේ සේවා යෝජකයින් විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දීමක් කර තිබෙනවා.

මේ අතර ඉතාලියට නීති විරෝධීව සංක්‍රමණිකයන් රැගෙන එන මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහි නීති රීති දැඩි කිරීමට ඉතාලි රජය යෝජනා මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

රහසිගතව අවදානම් මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණිකයන් රැගෙන එන පුද්ගලයන්ට වසර 30ක සිර දඬුවමක් පැනවීමට යෝජනා කර ඇත්තේ වත්මන් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි විසින්.

මෙවැනි අනතුරුදායක බෝට්ටු භාවිතයේදී අනතුරුවලට ලක්වන හා ජීවිතක්‍ෂයට පත්වන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අනුව පැනවෙන දඬුවම තීරණය විය හැකි බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59