spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානුවන් ආරොන් ෆින්ච්ට සමුගැනීමේ තරගයක් අහිමි කරාවිද ?

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට ඇඩිලේඩ් හිදී ක්‍රියාත්මකයි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වන අතර, එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වෙන තරගයෙන් එංගලන්තය පරාජය යුතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාව මෙම තරගය පරාජයට පත්වීම අනිවාර්ය සාධකයක් වනවා.

මේ අතර තීරණාත්මක අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු නිත්‍ය නායක ආරොන් ෆින්ච්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හරි ගියා.

ඒ, ඔහුගේ කලව ප්‍රදේශයේ ඇතිව ඇති ආබාධයක් හේතුවෙන්.

ෆින්ච් වෙනුවට කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා ඇති අතර, අද තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්හට හිමිව තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස නිත්‍ය නායක ආරොන් ෆින්ච් මීට පෙර නිවේදය කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙන බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම අද තරගය පරාජය වුවහොත් මෙවර තරගාවලියෙන් ඉවත්ව යාමට ඔවුනට සිදුවනවා.

ඒ, අනුව ආරොන් ෆින්ච් හට ද සමුගැනීමේ තරගයක් ක්‍රීඩා නොකරම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට සිදුවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?