ඇෆ්ගනිස්ථානුවන් ආරොන් ෆින්ච්ට සමුගැනීමේ තරගයක් අහිමි කරාවිද ?

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට ඇඩිලේඩ් හිදී ක්‍රියාත්මකයි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වන අතර, එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වෙන තරගයෙන් එංගලන්තය පරාජය යුතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාව මෙම තරගය පරාජයට පත්වීම අනිවාර්ය සාධකයක් වනවා.

මේ අතර තීරණාත්මක අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු නිත්‍ය නායක ආරොන් ෆින්ච්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හරි ගියා.

ඒ, ඔහුගේ කලව ප්‍රදේශයේ ඇතිව ඇති ආබාධයක් හේතුවෙන්.

ෆින්ච් වෙනුවට කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා ඇති අතර, අද තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්හට හිමිව තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස නිත්‍ය නායක ආරොන් ෆින්ච් මීට පෙර නිවේදය කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙන බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම අද තරගය පරාජය වුවහොත් මෙවර තරගාවලියෙන් ඉවත්ව යාමට ඔවුනට සිදුවනවා.

ඒ, අනුව ආරොන් ෆින්ච් හට ද සමුගැනීමේ තරගයක් ක්‍රීඩා නොකරම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට සිදුවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42