ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ උණුසුම් තත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
මීට හේතු වී තිබෙන්නේ සමාජ සුබ සාධන ආරක්ෂණ වැඩසටහන සදහා සහභාගී වූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන දීමනාව කප්පාදු කළ බව කියන සිද්දියක්.
ගෙන්ගෙට ගොස් එම වැඩසටහනට තොරතුරු එකතු කල පුද්ගලයින්ට එක් නිවසකට රුපියල් 300 බැගින් ලබාදීමට ප්රාදේශීය ලේකම් එකඟ වූ බව ඔවුන් පවසනවා.
නමුත් දැන් එම දීමනාව රුපියල් 150කට අඩුකර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මෙම සිද්දියට විරෝධය පලකළ පිරිස් ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය පරිශය තුළ රැඳී සිටිමින් විරෝධය පාන බව අප වාර්තාකරු පැවසුවා.
අදාළ සිද්දිය පිළිබදව ඇඹිලිපිටිය සහකාර ප්රාදේශීය ලේකම්වරයා පවසන්නේ සම්පුර්ණ දීමනාව ලබා දීමට ප්රමාණවත් මුදල් රජයෙන් ලබාදී නොමැති බැවින් අඩක් ගෙවීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් මේ ක්රියා පිළිවෙතට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට වැඩසටහනට එක්වූ පුද්ගලයින් තීරණය කර තිබෙනවා.




