ඇමැති පවිත්‍රාගේ පළමු ආශ්‍රිතයන් සංඛ්‍යාව 300ක්

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. ඇමැතිවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී ඇත.

අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීම්වලට සහභාගි වී තිබේ.

තමන්​ගේ සමීපතම ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඇමැතිවරිය ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේය. කෙසේ වෙතත් ඇමැතිවරියගේ සැමියා වන කාංචන ජයරත්න සහ දියණියක්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට සහ පී.සී.ආර්.පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔවුන්ට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. ඇමැතිවරියගේ රියැදුරන්ට සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි කී අමාත්‍යංශ ප්‍රකාශකයා සැමියා, දියණිය සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත්, ඒ නිසා ඇමැතිවරියගේ කාර්යාලය වසා මාධ්‍ය අංශය, හෙද අංශය, විභාග අංශ වසා දමා ඇති බවත් පැවසුවේය.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ සවි කර ඇති සී.සී.ටී.වී. කැමරා ඔස්සේ ලබා ගත් දර්ශන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පරීක්ෂා කර ඇත.

ඒ අනුව ඇමැතිවරිය එදින පස්වරු 3.59ට පමණ සභාගර්භයේ රැඳී සිට පසුව 4.40ට පමණ පිටව ගොස් තිබේ. එහි දී ඇය හා සමීප ආශ්‍රිතයන් නොමැති බවද නිරීක්ෂණය වූ බව වේත්‍රධාරිවරයා ‘අරුණ’ට පැවසුවේය.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ ‘පැණියද’ මීට මාස දෙකකට පමණ පෙර ප්‍රසිද්ධියේ පානය කළාය.

ඇමැතිවරියට කොවිඩ් වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද ශාඛාවේ සහ විභාග ශාඛාවේ නව දෙනකුට පමණ පසුගිය සතියේ වයිරසය ආසාදනය විය.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කොවිඩ් ආසාදිත වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ වන විට කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03