AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවේ සම්බාධක ලයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත් කර ඇති බව කොළඹ – චීන තානාපති කාර්යාලය පවසනවා. ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් එය සඳහන් කළේ එක්සත් ජනපදය පුළුල් ඒකපාක්ෂික සම්බාධක සහ ස්වයං විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බවයි.
එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් 27 ක්, එක්සත් ජනපද සම්බාධක වලට යටත් කර ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. එහිදී දකුණු ආසියානු බලවතා වන ඉන්දියාව මෙලෙස ඇමෙරිකානු සම්බාධක වලට ඉලක්ක වී ඇත්තේ රුසියාවෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා එස් – 400 මිසයිල පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීම නිසා බව ද ග්ලෝබල් ටයිම්ස් පෙන්වා දෙනවා. එක්සත් ජනපද රාජ්‍ය සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත උපයෝගි කර ගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?