ආසියාවේ අඩුම ගෑස් මිල අපේ රටේ ද ?

ඊයේ දිනයේ දී කර්මාන්ත ඇමති එස්.බී දිසානායක මහතා මාධ්‍ය අමතා කියා සිටියේ ආසියාවේ අඩුම ගෑස් මිල අපේ රටේ බවයි.ඒ සම්බන්ධව වැඩි දුරටත් සොයා බැලීමට සිතූ අප කන්ඩායම මේ මිලගනන් ආසියාවේ අපේ අසල්වැසි රටවල් හා සංසන්ධනය කලා.

තාක්ශනය මෙතරම් ඉඳිරියෙන් තිබෙන කාලයක ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා මෙම මිල ගනන් විමසා බැලිය හැකි බව ඔබ මම මෙන්ම ඇමත්තුමා ද බාග විට දන්නවා ඇතැයි අපි සිතමු.

ශ්‍රී ලංකාවේ මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199ක මුදලකට වෙළඳපල තුල අලෙවි වෙයි.

image 17
ඉන්දියාවේ කල්කටා නගරයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල

ඉන්දියාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සම්බන්ධව සොයා බැලීමේ දී අප ට දැක ගැනීමට ලැබුනේ එය ඉන්දියානු රුපියල් 899 සහ රුපියල් 929 වැනි මුදලක් දකවා තිබෙන බවය.අපි මෙයින් රුපියල් 929ට ඇති සිලින්ඩරයට ලංකා මුදලින් වැය වන අගය සොයා බැලූ විට එය සටහන් වූයේ අද දින හුවමාරු අඟයන් යටතේ රුපියල් රුපියල් 3406 ක මුදලක් ලෙසයි.

image 18
හුවමාරු අගය අනුව ගත් විට එය ශ්‍රී ලංකා රුපියල් වලින්

අපි ඉන් පසුව බංගලාදේශයේ මිල සොයා බැලූ විට එය සටහන් වුනේ බංගලාදේශ ටකා 1178ක් ලෙසින්ය. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් 3835ක මිලක් ලෙස අද දිනයට අනුව ගත හැක.

image 20
බංගලාදේශයේ ගෑස් සිලින්ඩරයක මිල
image 19
හුවමාරු අගය අනුව ගත් විට එය ශ්‍රී ලංකා රුපියල් වලින්

මීට අමතරව අප කුතුහලය නිසාම ඉන්දියාවේ සාමාන්ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිලද හොයා බැලුවෙමු.කුකුල් මස් ආදිය හී සාමාන්‍ය මිල ගනන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 400ක් ආසන්නව සහ කිරි ලීටරයක් රුපියල් 220ක මුදලකටත් තිබෙනු අපට දක්නට ලැබුනා.ඒහා සමානවම අපට අනෙකුත් දේද දකින්නට ලැබුනා.ඔබටත් අන්තර්ජාලයේ කුඩා සෙවුමකින් මේ සියලු දේ ඔබේ ඇසින්ම දැකිය හැකි වේවී.

අවසානයට කියන්නට ඇත්තේ “ඇට නැති දිව හැරෙන පැත්තට කතා කියූ සමය” දැන් අහවර වී ඇති බව පමනක්මය.

මින් පෙර දේශපාලනය තරමට ම ඉදිරියේදී දේශපාලනය සරල නොවනු ඇත.බෝතල් කාලකට බත් පැකට් එකට වැදුනු කතිරයන් අනාතයේදී ලැබෙනු ඇතැයි සිතීමට උගහටය…
ඉතින් මැති සඳ තෙපුල් ප්‍රවේසමෙන් හසුරන්න….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38