spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථිකය වෙනුවෙන් ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නවා

මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහයවීම සඳහා ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජපානයේ කුමමොටෝ හි ඇරැඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත්වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජල සමුළුව අමතමින් පවසා සිටියා.

මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගීවී සිටිනවා.

HE 01
HE 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?