ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් නුදුරේදීම

මෙම වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

‍මේ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙරට ආයෝජන සිදු කිරීමේදී බලපත්‍ර ලබා ගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබදව මන්ත්‍රීවරුන් කරුණු විමසූ අවස්ථාවේදී, ඊට ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා යෝජිත නව ආයෝජන පනත පිළිබදව සඳහන් කළේ.

තවද, ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වන මහලේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් (Investor Facilitation Center) ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී ආයෝජකයන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද අවස්ථාව සලසා තිබෙනවා.

ආයෝජකයින්ට පවතින ගැටලු කඩිනමින් මෙම මධ්‍යස්ථානය මගින් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු සඳහන් කළා.

නව නීතිය ක්‍රියාත්මක වනතුරු තාවකාලික වැඩපිළිවෙළක් වශයෙන් මෙය ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

එලෙසම, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට හැකි ආයෝජන කලාප හඳුනා ගෙන ඇති බවත් ඒවා ප්‍රවර්ධනය කර නව ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.

රට තුළට ගෙන එන ආයෝජන පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ආයෝජන සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍යතාවද මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14