ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් ඉඩ දෙන්නෑ

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට තමන් ඉඩ තබන්නේ නැති බවත් නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා අරගලය කරන්නට ඉඩ නොදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලපත්‍රයක් අරගෙන විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් වැඩ වරදින බවත් ඔහු පැවසුවා.