ආයුර්වේද පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහතින් දැක්වෙනවා.

(1) පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාවය අවසන් වනු ඇති බව නිවේදනයේ සඳහන් වේ.

(2) පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 53 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(3) පනත් කෙටුම්පතේ 11(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද නිවේදනයේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(4) ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත;සහ

(6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට ද නියෝජ්‍ය කථානායකවරයා නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05