ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ කිඩ නිසා තෙල් පෝලිම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියන බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
තෙල් ලබා ගැනීමට ගොස් අද මන්ත්‍රීවරුන්ද දුක් විඳින බව ඔහු සඳහන් කළේය.විතානගේ මහතා මෙසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බස් රථ ධාවනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.













