spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවලට එරෙහිව නව නීති

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීමට සහ තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

පුද්ගලයෙකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේබව සඳහන් කළේ.

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිළි පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රටේ නීතිමය රාමුව තුළ සීම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?