spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 13ක දරුවෙක් මද්‍රසාවක වැසිකිළියේ එල්ලෙයි – පාලකවරයා අත්අඩංගුවට

අම්පාර – සයින්දමරුදු පොළ පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පැවති මද්‍රසාවක වැසිකිළියක් තුළ බාල වයස්කාර දරුවෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි එම්.එස්. මුසාබ් නැමැති වයස අවුරුදු 13ක දරුවෙක්.

මෙම දරුවාගේ මරණයත් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ප්‍රදේශවාසීන් විසින් මද්‍රසාවේ පාලකවරයාට පහරදීමට සූදානම්ව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් මෙම තත්ත්වය පාලනය කර ඇති අතර, මද්‍රසාවේ පාලක මවුලවිවරයා සයින්දමරුදු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මද්‍රාසාවේ පාලකවරයාට එරෙහිව මේ වන විටත් පොලිසියට පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ මරණය සියදිවි නසාගැනීමක්‌ නොවන බවයි ප්‍රදේශවාසීන් සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
9
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?