අවසර ලැබුණත් කෙහෙළිය අද පාර්ලිමේන්තු නොයයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (07)දින ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සදහා සහභාගී වීමට අවසර හිමිව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කෙසේ වෙතත් ඔහු ඒ සදහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.