අවලෝතිකේශ්වර බෝධිසත්ව ගැන විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අවලෝතිකේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා පිළිබඳව ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ මහාලේඛකාධිකාරී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදී යි.

බළන්ගොඩ කස්සප හිමි මෙහිදී සඳහන් කළේ වෛද්‍ය ගාමිණී අභය නම් පුද්ගලයා මහායානික දේශනා පවත්වාගෙන ගිය අතර පිටිදුවේ සිරිධම්ම හිමි එකී දේශනා ශ්‍රවණය කිරීමෙන් පසු සමන්ත භද්‍ර ලෙස තම නම් වෙනස් කරගත් බවයි.

පිටිදූවේ හිමිගේ ලොව්තුරු සුවය එකොළොස්වැනි දේශනය අසා මහින්ද කොඩිතුවක්කු අවලෝකෙතීශ්වර බෝධිසත්ව ලෙස පෙනී සිටින්නට පටන් ගත් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

මොහු ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටියදී සහෝදරයෙකුගේ දරුවෙකු අපයෝජනය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් ගම්වාසීන් එකතුවී පහරදුන් පසු සැඟවී සිට ඊජිප්තුවට පලා ගොස් තිබූ බව බළන්ගොඩ කස්සප හිමි පෙන්වා දෙනවා.

ඊජිප්තුවේදී සුනඛයන් රැක බලා ගැනීමේ රැකියාවක නියැලුණු ඔහු තම දියණිය ද අපයෝජනයට ලක් කිරීම හේතුවෙන් බිරිඳ විසින් පහර දී නිවසින් එළවා දමා ඇති බව ද සඳහන්.

ඉන්පසු තදින් මත්ද්‍රව්‍යට ඇබ්බහි වූ ඔහු පැරණි ඊජිප්තු භාවනා ක්‍රමයක් සහ බෝධිසත්ව සංකල්පය භාවිතා කරමින් මිනිසුන් රවටා ලංකාවේ මිනිසුන්ගේ මුදල්වලින් ප්‍රවේශපත්‍ර ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව ද ප්‍රකාශ වෙනවා.

සමාජ මාධ්‍යවල හුවමාරුවන වීඩියෝවලට අමතරව මෙම පුද්ගලයාට කැලණිය විහාරස්ථානයේදී පිරිසක් පහරදී එළවා දමා ඇති බව ද උන්වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී බෝධිසත්ව නමින් පෙනී සිටින පුද්ගලයාට වන්දනා කරනු ලබන්නේ ස්වාමීන් වහන්සේ නමක් නොව මෙහෙණින් වහන්සේ නමක් බව ද මෙහිදී සඳහන් කෙරුණා.

බුදු වීමේ අපේක්ෂාවෙන් මෙම පුද්ගලයා පසුපස යන පොලිස් නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් සම්බන්ධයෙන් ද උන්වහන්සේ අනාවරණ කළා.

මෙම පුද්ගලයා දිවයිනට පැමිණීමට පෙරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවට බලන්ගොඩ කස්සප හිමියන් පෙන්වා දෙනවා.

මෙවැනි පුද්ගලයන් මානසික ප්‍රතිකාර සඳහා යොමු කර සමාජ ව්‍යසනයන්ගෙන් ගලවා ගත යුතු බවයි ප්‍රකාශ වූයේ.

බෝධිසත්වයන් වහන්සේට පූජා පැවැත්වීම සඳහා තම ශරීරයට ගිනි තබාගත යුතු බවත්, යශෝධරා දේවියට අපහාස කරමින් ද, අභිනිෂ්ක්‍රමණය කිරීම සඳහා දරුවන් අපයෝජනය කළ යුතු බවත් නීතිපතිවරයට සහ අධිකරණයට අපහාස කරමින්ද මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මෙම පුද්ගලයා ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළා.

මහනායක ස්වාමීන් වහන්සේලා පිටිදූවේ සිරිධම්ම හිමි සම්බන්ධයෙන් උදාසීන පිළිවෙතක් අනුගමය කිරීම හා එම දේශනා අන්තර්ජාලයෙන් ඉවත් නොකිරීම මෙවන් පිළිල බිහිවීමට හේතු වන බවයි බලන්ගොඩ කස්සප හිමි කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
29
+1
61
+1
21
+1
27
+1
16
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59