spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගනී

මේ වන විට ලෝකයේ රටවල් කිහිපක  පැතිරෙමින් ඇති තවත් අලුත් කොවිඩි උප ප්‍රභේදයක් ගැන වාර්තා වේ. මෙම උප ප්‍රභේදය හදුන්වා ඇත්තේ BA.4.6 යන නමිනි.වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, එක්සත් රාජධානිය යන රටවලිනි. අගෝස්තු මාසයේ එක්සත් රාජධානියෙන් වාර්තා වූ ආසාදිතයන්ගෙන් සියයට 3.3කි.

 ඇමරිකාවේද BA.4.6 ආසාදනය වූවන්ගේ ප්‍රතිශතය ඊට සමාන බව සදහන් වේ. මෙම දෙරටට අමතරව තවත් රටවල් කිහිපයකින් BA.4.6 ආසාදනය වූවන් හමුවී ඇත.මේ වන විට එම ප්‍රතිශතය සියයට 9ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA.4 නමැති උප ප්‍රභේදයෙන් පැවත එන්නක් වන අතර මෙය වේගයෙන් පැතිරෙන්නක් ද, දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නක් ද වැනිකාරණා සම්බන්ධයෙන් තවම නිශ්චිතව කිසිවක් ප්‍රකාශ වී නැත.විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සාමාන්‍යයේන දරුණු රෝග ලක්ෂණ ඇති කරන ප්‍රභේදයක් නොවන නිසාස මෙම නව BA.4.6 උප ප්‍රභේදය ද ඊට සමාන වනු ඇතැයි අනුමාන කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?