අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබෙනවා.

මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ දිනයේදී සවස අත්අඩංගුවට ගැනුණේ පොලොන්නරුව කඩවලවැව ප්‍රදේශයේ දී යි.

සැකකාර නිලධාරින් දෙදෙනා පොළොන්නරුව කඩවලවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ජාවාරම්කරුවකුගෙන් රුපියල් 9000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත්තේ මත්පැන් අලෙවිය නීතිවිරෝධී ලෙස කරගෙන යාමට සහ මත්පැන් සදහා අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීම සඳහායි.

ඒ සඳහා මෙම නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයා මීට පෙර අවස්ථා කිහිපයකදී ම මොවුන්ට මුදල් ලබා දී තිබෙන අතර පසුව දිගින් දිගටම මුදල් ඉල්ලීම මතයි අල්ලස් හා දුෂණ විමර්ශන නිලධාරීන් දැනුවත් කර ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා එම අල්ලස් මුදල් මත්පැන් නිෂ්පාදකයාගේ නිවසට ගොස් ලබාගන්නා අවස්ථාවේ නිවස තුල සිටි අල්ලස් දූෂණ විමර්ශන අංශයේ නිලධාරින් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා පොළොන්නරුව පොලිසියට භාරදීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එක් පොලිස් නිලධාරියෙකු මින්නෙරිය පොලිසියේ දුෂණ මර්දන අංශයේ අධිකරණ කටයුතු භාර නිලධාරියා බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12