spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්බුදය ගැන ගෝඨාභයගේ රජය කරුණු හැංගුවා – රනිල් ජාත්‍යන්තරයට කී කතාව

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය ඇතැම් කරුණු වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සී.එන්.එන් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි වැඩබලන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාව බංකොලොත්වන බවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවට වන සත්‍ය ගෝඨාභය රාජපක්ෂගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.

රට යළි ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා 2023 වසර අවසන් වනවිට ස්ථාවරවීමට ද, 2024 වන විට වර්ධනයවීමට ද පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගැනීමට ක්‍රියාකළ යුතු බව මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?