අරගල කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න

අරගල අරගල දසදෙසින් ඇසෙන්නේ අරගල මේ අරගල වලට මෙරට විශාල පිරිසක් සහභාගිවනවා අප දකිනවා ඒ අතර කලාකරුවන් නිතිඥවරු,ද්‍යෛවරු වගේම රටේ කම්කරු ජනතාව ද එක් රෝක් වෙලා අවසන්.සමහරු කියන්නේ මේක අන්තවාදීන්ගේ අරගලයක් කියලයි ඒ වගේම අන්තවාදීන්ගේ සැලසුමක් කියලයි ඒයට අපුරු මුහුණු පොත් සටහනක් තබා තිබුණා පසුගියදා දිනෙක

මෙවැනි අරගලයකරැවන්ගෙන් ප්‍රවේශම් වන්න !
මේ ඉන්නේ ගැමුණු. මම කුරුණෑගල මලියදේවෙ A/L කරන කාලෙ මාත් එක්ක එක බෝඩිමේ සෑහෙන කාලයක් නැවතිලා හිටියා කුරුණෑගල උඩවල්පොල පැත්තේ.
හරියටම කියනවා නම් කුරුණෑගල ලෙක්ශිකෝන් එකට හූවක දුර තියෙන චරිත්ලගෙ ගෙදර.
ඒක ඉතින් හරිම සුන්දර කාලයක්. මතකයන් බොහොමයි.
ඉතින් අද මේ අරගල භූමියට ගැමුණුත් ඇවිත්.
මෙයා නිකම්ම නිකන් ගැමුණු නෙමෙයි.
Dr. ගැමුණු.
මඩකලපුව ඉස්පිරිතාලෙ ඩොක්ට ගැමුණු.
මට ඇත්තටම කියන්න ඕනෙ වුණේ මෙයා ගැන නෙමෙයි.
මෙයාගෙ පවුල ගැන.
මෙයගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනයි.
අයියල තුන් දෙනයි මල්ලී .
ඔක්කොමල දොස්තරලා.
බැඳල ඉන්නෙතෙත් දොස්තරල.
ඒ විතරක් ද ලොකු අම්මලගේ පවුලේ ලමයි .ළමයි හතරදෙනයි.
ඒ හැමෝමත් දොස්තරල.ඒ අය බැඳල ඉන්නෙතෙත් ඩොක්ටර්ස්ලා.
ඒ විතරක් ද 2003 අවුරුද්දේ කුරුණෑගල AL වලින් Bio Science වලින් දිස්ත්‍රික්කයේ පළමුවෙනියා වුණෙත් මේ ගැමුණු ම තමයි.
ඉතින් මේ ගැමුණු වගේ අන්තවාදීන් මඩකලපුවෙ ඉදන් තෙල් ගහගෙන, බාට දෙකක් දාගෙන, ඩෙනිමක් ගහගෙන කොළඹට ඇවිත් සිංහ කොඩි අරන් “ගෝ ගෝඨ ගෝ” කිය කිය අරගල කරනව කියන්නේම මේක අන්තවාදී අරගලයක් නෙමෙයිද ??
මේ වගේ සමාජ ඈර්තික පසුබිමක් තියෙන ගැමුණුල මේ අරගලයේ කොටස් කරුවන් කියන්නෙම මේක අන්තවාදීන්ගේ සැලසුමක් නෙමෙයි ද?
ඩොක්ටර්ස්ලම දහ පහලොස් දෙනෙක් ඉන්න පවුලක් රවට්ටගත්තා කියන්නෙම මේක මාරම අන්තවාදී මෙහෙයුමක් නෙමෙයි ද ?
මේ විදිහට ඉගෙනගත්ත සමාජ ආර්තික පසුබිමක් තියෙන පවුල් පිටින් රවටා ගන්න මේ අන්තවාදීන් කොච්චර නම් සූක්ෂ්ම වෙන්න ඕනෙ ද?
ප. ලි.
මේ ගැමුණුගේ කතාව ලියන අතරේ කිසිම සම්බන්ධයක් නැති තවත් පරණ කතාවක් මතක් වුණා ඒ අස්සේ.
අර සුලි සුලඟට අහුවණු ගිරා පැටවු දෙන්නගේ කතාව.
මොකද කාබනික පොහොර ගැන උපදෙස් දෙන Dr. පාදෙනියයි සහ මේ රස්තියාදුකාර Dr. ගැමුණුයි දෙන්නම එකම මලියදේවයෙන් බිහිවුණු නිසයි.
Dr. ගැමුණු සොරමුලගේ පැත්තට විසිවෙලානේ අපේ රටේ කරැමෙකට 🤣..
බුද්ධියේ විමසුමට!
Shanaka Paththinigama…

fd489e61 34fd 414d a5bd 01e783b9613c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02