අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා.
අයවැයට විරුද්ධව ඡන්දය දීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට ඔහුට විරුද්ධ විය නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.













