අනියම් බිරිඳගේ 12 හැවිරිදි දියණිය කෙළසූ පුද්ගලයා අත්අඩංගුවට

වසර 04ක කාලයක සිට තම අනියම් බිරිඳගේ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිය සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත් වූ බව කියන සැකකරුවෙකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – විල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක් වන පුද්ගලයෙක්.

දැරියගේ පියා ඔවුන් හැරගොස් ඇති අතර,දැරිය සහ ඇයගේ සහෝදරයා මව සමඟ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මව සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ඇසුරේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු ඔවුන් ජීවත්ව සිටි නිවසේ පදිංචියට පැමිණ ඇති බව සඳහන්.

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දිනක මව නිවසේ නොමැති අවස්ථාවක පළමුවරට සැකකරු බලහත්කාරයෙන් දැරිය දූෂණය කර ඇති අතර, ඉන් අනතුරුව අවස්ථාව ලැබෙන සෑම විටකම සැකකරු දැරිය සමඟ අඹු සැමි සම්බන්ධතා පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තම දියණිය පාසල් යාමට අකමැත්තක් දක්වන බවට ඇයගේ මව විසින් ග්‍රාම නිලධාරීනීය වෙත දැනුම් දී ඇති අතර, ග්‍රාම නිලධාරිනීය විසින් මේ බව පල්ලම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරීවරයා වෙත දැණුම් දී තිබෙනවා.

අනතුරුව එම නිලධාරීන් ඊයේ (06) දින දැරිවිය හමු වී විස්තර විමසා ඇති අතර, එහිදී තමන් වසර කීපයක් තිස්සේ මුහුණ දෙමින් සිටින අත්දැකීම දැරිය විසින් එම අවස්ථාවේ දී හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45