අනියම් පෙමක පැටලී සිටි පියාව නැසූ අජාසත් පුතු දෙදෙනා

සිය පියාව ඝාතනය කර පසුව සිරුර කෙටි කෑම පිළියෙළ කිරීමට භාවිත කරන උඳුනක දමා පුළුස්සා දැමූ ඔහුගේ 22 හැවිරිදි සහ 18 හැවිරිදි පුතුන් දෙදෙනා ඉන්දීය පොලිසිය විසින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් දෙදෙනා පොලිසිය හමුවේ පවසා ඇත්තේ සිය පියා වෙනත් කාන්තාවක් සමඟ පැවති අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙලෙස ඝාතනය කළ බවයි.

මිනීමැරුමක් වටා ගොඩනැගෙන කතාවක් පදනම්කරගෙන නිර්මාණය වූ Drishyam නමැති මලයාලම් චිත්‍රපටය නරඹා මොවුන් දෙදෙනා මෙම ඝාතනය සැලසුම්කර ඇති බවට පොලිසිය හමුවේ පපොච්ච්රණය කර තිබෙනවා.

පසුගිය 15 සහ 16 අතර දිනක රාත්‍රියේ සිය 43 හැවිරිදි පියා නිදා සිටියදී මෙලෙස ඝාතනය කර, එය සැඟවීමට ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තාකර තිබුණේ.

පසුව පිලුස්සුණු සිරුරේ අස්ථි කොටස් සහ අළු ඉන්ද්‍රයානි ගං ඉවුරට රැගෙන ගොස් එහි දමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අනතුරුව මෙම ඝාතනය වසන් කිරීමේ අරමුණ ඇතිව සිය පියා අතුරුදන් බවට පවසමින් දෙසැම්බර් 19 වන දින මොවුන් විසින් පොලිසිය පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹු ඉන්දීය පොලිසිය මෙම පුද්ගලයාගේ දුරකථන දත්ත පරික්ෂාවකට ලක්කර ඇති අතර, එහිදී අනාවරණය කරගෙන ඇත්තේ මොහු විසින් පසුගිය වසර තුන තුළ නාග්පූර්හි කාන්තාවකට නිරන්තරයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවයි.

පසුව අදාළ කාන්තාව පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ තමන්ට අදාළ පුද්ගලයා සමඟ සම්බන්ධයක් තිබූ බවත් මෙම සම්බන්ධය මත ඔහුගේ පවුලේ අයගෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වන බවට ඔහු තමන්ට අවස්ථා කිහිපයකදීම දන්වා සිටි බවයි.

එමෙන්ම ජීවිතයට ඇති බිය පිළිබඳව සමාජ ජාල මධ්‍ය හරහා ඔහු කෙටි පණිවුඩයක් ද තමන්ට එවා තිබූ බවයි ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඇයගේ ප්‍රකාශයන් හමුවේ සැකසිතූ පොලිසිය ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පුතුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, එහිදී සිදුකළ අපරාධය අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අදාළ කාන්තාව සමඟ සිය පියාවන ධනංජය නව්නාත් බන්සෝඩේ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය හේතුවෙන් මව සමඟ නිවසේ නිතර නිතර ආරවුල් ඇති වූ බවත් ඒ හේතුවෙන් මෙම අපරාධය සිදුකළ බවත් ඔවුන් පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32