අනිද්දා (25) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (22) සිදු වූ සිදුවීම සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී විවාදයක් ලබාදෙන ලෙසයි ලිපියක් මඟින් විපක්ෂය ඉල්ලා ඇත්තේ.
අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සහ එය මෙහෙය වූ ආකාරය ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.













