අධික දුම් දාන වාහන හසුකර ගැනීමට නව වැඩපිළිවෙලක් – මගහැරියොත් වාහනය අසාධු ලේඛනයට

පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඡායාරූප ඒකකයක් (Emission Eye Unit – Vehicle Emission Eye Unit) ස්ථාපිත කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල පියවර ගෙන තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය මගින් මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දෘශ්‍ය දුමාරය (Visible Smoke) පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වයයි.

​ඡායාරූපයෙන් කොටුකරන “Emission Eye” ’ මෙහෙයුම වාහන වායු විමෝචන භාරකාර අරමුදල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංශයක් බවට පත්වීමෙන් පසු මාර්ගස්ථ වැටලීම්වල පැවති මන්දගාමී ස්වභාවය ඉවත් කරමින් මෙම ‘ “Emission Eye” ඒකකය හඳුන්වා දී තිබෙනවා.

දිවයිනේ ප්‍රධාන නගර ආවරණය කරමින් මෙම “Emission Eye” ඒකකයේ නිලධාරීන් මාර්ගයේ උපායශීලී ස්ථානවල රැඳී සිටිමින් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කරනු ලබනවා.

එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නඩත්තු නියෝග (Maintenance Orders) නිකුත් කිරීමට කටයුතු සූදානම් කරනු ඇති.

මෙම නව ක්‍රමවේදය තුළ සුවිශේෂී විනිවිදභාවයක් පවතින අතර, ඡායාරූප සාක්ෂි පවතින බැවින් නිලධාරීන් සහ වාහන හිමියන් අතර ඇති විය හැකි අනවශ්‍ය තර්ක විතර්ක මින් වැළකෙනවා.

එමෙන්ම මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ ප්‍රමාදය වැළැක්වීමයි.

මාර්ගයේ වාහන නවත්වා පරීක්ෂා කරනවා වෙනුවට ධාවනය වන අවස්ථාවේදීම දත්ත ලබාගන්නා බැවින් රථවාහන තදබදයක් ද ඇති නොවේ. මෙම “Emission Eye” නව පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඉදිරියේදී මෙය ස්වයංක්‍රීය කැමරා පද්ධති (CCTV) සමග සම්බන්ධ කිරීමේ හැකියාව පවතින බව ද වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.

මෙහිදී නඩත්තු නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතුයි.

යම් හෙයකින් මෙම නිවේදනයට ප්‍රතිචාර නොදක්වන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට (Blacklist) කටයුතු කෙරෙනවා.

වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී හෝ පැවරුම් කිරීමේදී දැඩි බාධා එල්ල වනු ඇති.

“Emission Eye” ‘ ඒකකයේ මෙහෙයුම්වලට සමගාමීව මාර්ගස්ථ දුම් පරීක්ෂාවන් ද මැයි මාසයේ සිට දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14