අතුරුගිරිය ලී වෙළඳසැල් හිමිකාරියගේ ඝතකයා අද අධිකරණයට

අතුරුගිරිය ප්‍රදේශයේ ලී වෙළඳසැලක හිමිකාරියක් එම වෙළඳසැල තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඝතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයේ අත්අඩංගුවට ගත සැකකරු අද (08) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (07) පස්වරුවේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත් වුණේ වයස අවුරුදු 29ක සැකකරුවෙක්.

සැකකරු මෙම අපරාධය සිදු කිරීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන් මාලයක් ද කොල්ල කා ඇති අතර, එම මාලය උකස්කර ලද රිසිට් පතද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව ඝාතනය සිදුකර අවස්ථාවේ දී සැකකරු ඇඳ සිටි ඇඳුම් සහ පැළඳ සිටි පාවහන් යුගළය ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 02 වනදා අතුරුගිරිය, ගොඩගම පාරේ ලී වෙළඳසැලක් තුළ එහි හිමිකාරිය වූ මංගලිකා මහවත්ත නැමැති 62 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබුණා.

එම ලී වෙළඳසැලේ සේවකයෙක් ද තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (06) දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙසද ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 51ක අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21