spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතුරුගිරිය ලී වෙළඳසැල් හිමිකාරියගේ ඝතකයා අද අධිකරණයට

අතුරුගිරිය ප්‍රදේශයේ ලී වෙළඳසැලක හිමිකාරියක් එම වෙළඳසැල තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඝතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයේ අත්අඩංගුවට ගත සැකකරු අද (08) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (07) පස්වරුවේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත් වුණේ වයස අවුරුදු 29ක සැකකරුවෙක්.

සැකකරු මෙම අපරාධය සිදු කිරීමෙන් පසු ඝාතනයට ලක්වූ කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන් මාලයක් ද කොල්ල කා ඇති අතර, එම මාලය උකස්කර ලද රිසිට් පතද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව ඝාතනය සිදුකර අවස්ථාවේ දී සැකකරු ඇඳ සිටි ඇඳුම් සහ පැළඳ සිටි පාවහන් යුගළය ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 02 වනදා අතුරුගිරිය, ගොඩගම පාරේ ලී වෙළඳසැලක් තුළ එහි හිමිකාරිය වූ මංගලිකා මහවත්ත නැමැති 62 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබුණා.

එම ලී වෙළඳසැලේ සේවකයෙක් ද තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (06) දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙසද ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 51ක අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
4
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?