අතපය විසිකර පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට

පොලිස් නිලධාරිනියකට පහරදී නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදීමේ චෝදනාව යටතේ කාන්තාවක් ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ තිබෙන බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සදහන් කරයි.

මෙම අවස්ථාවේදී පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති.

පසුව මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව ගන්දර පොලිසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අදාළ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා