spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අග්බෝපුර වැසියන්ගෙන් විලාපයක් – ඉක්මනින් අපිට විසඳුමක් දෙන්න

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශය ගොවි ආර්ථිකයකට හිමිකම් කියන ප්‍රදේශයක්.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෙටි කාලීන සහ දිගු කාලීන බෝග වගාවයි.

නමුත් අද වන විට ඇති වී තිබෙන ශෝචනීය තත්ත්වය නම් වනඅලීන්ගෙන් වන හිරිහැරයි.

වනජීවී අමාත්‍යාංශයට සහ අදාළ බලධාරීන් කෙතරම් දැනුවත් කළ ද; ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

ඒ හේතුවෙන් දිනපතා වනඅලීන් විසින් වගා භූමිය වනසනු ලබන බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

දිගු කාලීන බෝග වගාවේ නියැලෙන ගොවීන් පවසා සිටින්නේ කෙටිකාලීන බෝග වගාවන් සඳහා විශේෂයෙන් වී වැනි වගාවන් සඳහා මාස තුනක දී වගා හානි ලබාදෙන බවත්; දිගුකාලීන ව පවත්වාගෙන යන පොල් පැළ ආදී ශාක සඳහා කිසිදු වන්දියක් ලබා නොදෙන බවයි.

මෙලෙස දිගින් දිගටම වනඅලින් විසින් වගා හානි සිදු කරහොත් එම වගාවන්වලින් ඉවත් වන්නට සිදුවන බව ද ගොවීන් අවධාරණය කරනු ලබනවා.

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ද මෙලෙස වන අලි තර්ජන එල්ල වී තිබෙන අයුරුයි අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචනයට හසු ව ඇත්තේ.

අලි වැටක් නොමැති හෙයින් ඊයේ රාත්‍රියේ දී ද වනඅලි 08 දෙනෙකු පැමිණ අල, කෙසෙල්, පොල් ආදී අස්වැන්න නෙලීමට ආසන්නයේ තිබූ බෝගවලට දැඩි හානි සිදු කර තිබෙනවා.

වගා සඳහා යොදා ඇති ජල නල මාර්ග පද්ධතිය ද කඩා දමා ඇති බව පෙන්වාදෙන ගොවීන් පවසන්නේ, ගවයින්ට ලබාදෙන පුන්නක්කු මිටි ද කඩා ඒවා ආහාරයට ගෙන ඇති බවයි.

මෙම ව්‍යසනයට ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙසටයි අග්බෝපුර වැසියන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?