අග්බෝපුර වැසියන්ගෙන් විලාපයක් – ඉක්මනින් අපිට විසඳුමක් දෙන්න

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශය ගොවි ආර්ථිකයකට හිමිකම් කියන ප්‍රදේශයක්.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෙටි කාලීන සහ දිගු කාලීන බෝග වගාවයි.

නමුත් අද වන විට ඇති වී තිබෙන ශෝචනීය තත්ත්වය නම් වනඅලීන්ගෙන් වන හිරිහැරයි.

වනජීවී අමාත්‍යාංශයට සහ අදාළ බලධාරීන් කෙතරම් දැනුවත් කළ ද; ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

ඒ හේතුවෙන් දිනපතා වනඅලීන් විසින් වගා භූමිය වනසනු ලබන බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

දිගු කාලීන බෝග වගාවේ නියැලෙන ගොවීන් පවසා සිටින්නේ කෙටිකාලීන බෝග වගාවන් සඳහා විශේෂයෙන් වී වැනි වගාවන් සඳහා මාස තුනක දී වගා හානි ලබාදෙන බවත්; දිගුකාලීන ව පවත්වාගෙන යන පොල් පැළ ආදී ශාක සඳහා කිසිදු වන්දියක් ලබා නොදෙන බවයි.

මෙලෙස දිගින් දිගටම වනඅලින් විසින් වගා හානි සිදු කරහොත් එම වගාවන්වලින් ඉවත් වන්නට සිදුවන බව ද ගොවීන් අවධාරණය කරනු ලබනවා.

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ද මෙලෙස වන අලි තර්ජන එල්ල වී තිබෙන අයුරුයි අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචනයට හසු ව ඇත්තේ.

අලි වැටක් නොමැති හෙයින් ඊයේ රාත්‍රියේ දී ද වනඅලි 08 දෙනෙකු පැමිණ අල, කෙසෙල්, පොල් ආදී අස්වැන්න නෙලීමට ආසන්නයේ තිබූ බෝගවලට දැඩි හානි සිදු කර තිබෙනවා.

වගා සඳහා යොදා ඇති ජල නල මාර්ග පද්ධතිය ද කඩා දමා ඇති බව පෙන්වාදෙන ගොවීන් පවසන්නේ, ගවයින්ට ලබාදෙන පුන්නක්කු මිටි ද කඩා ඒවා ආහාරයට ගෙන ඇති බවයි.

මෙම ව්‍යසනයට ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙසටයි අග්බෝපුර වැසියන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44