අගවිනිසුරුගේ බලතල කප්පාදු කිරීමට පාකිස්ථාන රජයෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

පාකිස්ථානයේ අගවිනිසුරුවරයා සතු ස්වේච්ඡාවෙන් දැනුම් දීමේ අභිමතයට අදාළ බලතල සීමා කිරීමේ අරමුණින් පකිස්ථානයේ නෛතික කටයුතු පිළිබඳ අමාත්‍ය අසාම් නසීර් එරට පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් සභාගත කර තිබෙනවා.

පකිස්ථාන රජයේ මෙම තීරණය පැමිණ ඇත්තේ පකිස්ථානයේ අගවිනිසුරුවරයාගේ බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වන විනිසුරු සයිඩ් මන්සූර් අලි ෂා සහ ජමාල් ඛාන් මැන්ඩොහායිල් යන විනිසුරුවරුන් ප්‍රශ්න කිරීමෙන් දිනකට පසුවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය “එක් මිනිසෙකුගේ නැතහොත් අගවිනිසුරුවරයාගේ හුදකලා තීන්දුවක් මත රඳා පැවතිය නොහැකි” බව එම විනිසුරුවරුන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණා.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 191 වැනි වගන්තිය යටතේ අධිකරණයේ සියලුම විනිසුරුවරුන් විසින් අනුමත කරන ලද රීති මත පදනම් වූ ක්‍රමයක් හරහා උසාවිය නියාමනය කළ යුතු බවයි.

ජාතික සභා සැසිවාරය අතරතුර  කළ කතාවේදී පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටි අතර වෙනසක් සඳහා අධිකරණය තුලින්ම පැන නගින හඬ නිසැකවම බලාපොරොත්තුවේ කිරණක් ලෙස ඔහු හඳුන්වා දෙනු ලැබුවා.

පකිස්ථාන නීති අමාත්‍ය අසාම් නසීර් ද කියා සිටියේ ස්වයංක්‍රීය නිවේදන නමින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමයට හානි සිදුව ඇති බවයි.

එම ක්‍රියාමාර්ගය හේතුවෙන් සමාලෝචන නඩු කිහිපයක් ප්‍රමාද වූ බවත් ඇතැම් ඒවා විභාගයට නියම නොකළ බවත් ඔහු පෙන්වා දෙනවා.

ඔහු ප්‍රකාශ කළේ ස්වෝත්සාහක නොතීසි යටතේ ගනු ලැබූ තීරණ මීට පෙර අභියාචනා කළ නොහැකි තත්ත්වයක පැවති  බවයි.

ආඥාවක් සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම වැදගත් බවත්, අභියාචනා කිරීමේ අයිතිය ලබාදිය යුතු බවට පාර්ලිමේන්තුව නිතරම ඉල්ලා සිටි බවත්  ඔහු ප්‍රකාශ කළා.

ඒ, අනුව අග්‍රවිනිශ්චයකාරවරයාට හිමි ස්වෝත්සාහයෙන් දැනුම් දීමේ බලතල ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකට පැවරීම මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

තවද, තීන්දුව අභියෝගයට ලක් කිරීමේ අයිතිය පිළිබඳ වගන්තියක් පනත් කෙටුම්පතට ඇතුළත්.

එය දින 30ක් ඇතුළත ගොනු කළ හැකි අතර සති දෙකකින් විභාගයට නියම කෙරෙනු ඇති.

මෙම පනත් කෙටුම්පතට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති සෑම වගන්තියක්ම, අභියාචනයක් හෝ කාරණයක් විභාග කර අවසන් කළ යුත්තේ පකිස්ථානයේ අගවිනිසුරුවරයා සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් පිහිටුවන ලද විනිසුරු මඩුල්ලක් විසින්. කමිටුවේ තීරණය බහුතරයට අනුව සිදු විය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්.

පාකිස්ථාන පාර්ලිමේන්තුව විසින් යෝජිත පනත් කෙටුම්පත වැඩිදුර අනුමැතිය සඳහා එරට ජාතික සභාවේ නීතිය සහ යුක්තිය පිළිබඳ ස්ථාවර කමිටුව වෙත යොමු කර තිබුණා.

චෞද්‍රි මහමුද් බෂීර් වර්ක්ගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව රැස් වීමෙන් පසුව කමිටුව එය නැවත පහළ සභාවට යොමු කිරීමට නියමිතයි.

ජාතික සභාව පනත සම්මත කිරීමෙන් පසුව, එය අනුමැතිය සඳහා සෙනෙට් සභාවට යවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57