මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු ලබාදුන් ව්‍යාජ තොරතුර හේතුවෙන් පසුගිය 18 වනදා රාත්‍රියේ සිට අකුරණ නගරයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.
පසුගිය 19 වනදා දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊට පෙර දින (18) රාත්‍රියේ සැකකරු විසින් මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













