ෆ්ලයිඩුබායි යානයේ සිදුවීම ගැන ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නිහඬතාව බිඳ දමයි

පසුගිය සැප්තැම්බර් 30 වනදා ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිදුවූ ආරක්ෂක සිදුවීමකින් පසු, එහි සිටි මගීන් 172 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනාම ආරක්ෂිත බව තහවුරු කරමින් ෆ්ලයිඩුබායි සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ෆ්ලයිඩුබායි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගයිත් අල් ගයිත් විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය, ඩුබායි මාධ්‍ය කාර්යාලය හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණා.

ගුවන් යානයේ නියමු කුටිය තුළ සිදුවූ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන් යානය සෞදි අරාබියේ ටබුක් වෙත හරවා යැවීමට පියවර ගත් බව ගයිත් අල් ගයිත් පවසන්නේ.

අදාළ සිදුවීමෙන් පසු ගුවන් යානා නියමුවා වෛද්‍ය අනුමැතිය ලබාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත නැවත පැමිණ ඇති බවත්, සිදුවීමෙන් බලපෑමට ලක්වූවන්ට ගුවන් සමාගම දිගටම සහාය ලබාදෙන බවත් ඔහු සඳහන් කරනවා.

ගුවන් යානය ආරක්ෂිතව පාලනය කර ගොඩබෑමට කටයුතු කළ නියමුවා සහ කැබින් කාර්ය මණ්ඩලය ද අල් ගයිත් විසින් අගය කළ අතර, එමෙන්ම සිදුවීම අතරතුර කාර්ය මණ්ඩලයට සහාය වූ මගීන්ට ද ඔහු සිය ස්තූතිය පළ කර තිබෙනවා.

යානය වෙනත් ස්ථානයකට හරවා යැවීමෙන් පසු දැක්වූ ප්‍රතිචාරය සහ ලබා දුන් සහාය වෙනුවෙන් සෞදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට ද ෆ්ලයිඩුබායි සමාගම සිය කෘතඥතාව පළ කරනවා.

මේ අතර බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ටෙල් අවිව් වෙත සිදු කෙරෙන ගුවන් මෙහෙයුම් මීළඟ දැනුම් දීමක් සිදුකරන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන් සමාගම තහවුරු කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, අදාළ බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිඩුබායි හි පූර්ණ සහයෝගය ඇතිව එය සිදු කෙරෙන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ.

“FZ 1073 ගුවන් යානය තුළ සිදුවූ දේ පිළිබඳව බොහෝ ප්‍රශ්න පවතින බව මම දනිමි. අදාළ බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිඩුබායි හි පූර්ණ සහයෝගය ඇතිව පූර්ණ නිල විමර්ශනයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. සත්‍ය කරුණු තහවුරු කර ගැනීම සඳහා මෙම ක්‍රියාවලියට ඉඩ ලබා දීම වැදගත්ය,” යනුවෙන් ඔහු පැවසුවා.

විමර්ශනය හරහා සත්‍ය කරුණු තහවුරු කර ගැනීමට ඉඩ දිය යුතු බව පවසමින්, ගුවන් යානයේ නියමු කුටිය තුළ සිදුවූ දේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ෆ්ලයිඩුබායි සමාගම කටයුතු කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48