Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ළමා, කාන්තා හා තරුණයන්ගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකමක් කරන්න විපක්ෂයේත් සහාය – සජිත් ප්‍රේමදාස

දශක 08ක් දරුවන්ගේ අයිතිය සුරක්ෂිත කිරිමට UNICEF ආයතනය ඉටු කළ කාර්ය ඇගයීමට ලක් කරන බවත් ජාත්‍යන්තර ළමා දිනය සැමරීම එක් දිනක පමණක් නොව දවස් 365ම ළමා දිනය සේ සැමරීම සියලුදෙනාගේම වගකීම බවත්, දරු පරපුර වසර පුරාම ආරක්ෂා විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දරුවන් 1200කගේ සාකච්ඡා තුළින් පස් වදැරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත්, මේ අදහස්වලට සියයට දහස් වාරයක් එකඟ බවත්, එහි සදහන් සාධාරණ විවෘත රාජ්‍ය පාලනයක්, හරිත මාතෘභූමියක්,ඩිජිටල්කරණයට ලක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රයක්, මත්ද්‍රව්‍ය සේම මත්පැන් හා දුම්පානයෙන් තොර රටක්, ශක්තිමත් ආර්ථිකයක් යන කරුණු රටක් තුළ ඉටු විය යුතු ප්‍රධානම ක්‍රියාදාමක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දන්නේ.

පාර්ලිමේන්තුවේ දී පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

දරුවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට කතානායකවරයා කළ යෝජනාව වැදගත් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි මෙහිදී සඳහන් කළේ.

දරුවන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු පහෙන් ක්ෂණික පියවර ගත හැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති මූලික අයිතිවාසිකම් තුළට ළමා කාන්තා හා තරුණ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස එකතු විය යුතු බවත් ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය ද සහයෝගය ලබාදෙන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර මීළඟ පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලට යම් ප්‍රමාණයකින් හෝ දරුවන් ද සහභාගීකරවා දරුවන්ගේ අදහස්වලට තැනක් ලබා දී යම් නියෝජනත්වයක් ලබා දය හැකි බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළා.