හොරාකෑම ඇතුළු චෝදනා රැසක් එල්ල වූ ප්‍රබලයින් 50ක් ගැන ඇමති බිමල් හෙළි කරයි

2015 වසරේ සිට මේ දක්වා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහ වරදකරුවන් වූ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයන් 50 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් පාර්ලිමේන්තු සභා නායකා, අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවා.

එම පුද්ගලයාන් සියලු දෙනා සම්බන්ධයෙන් පැමිණිලි සහ නඩු ගොනුකර තිබෙන්නේ, 2015 – 2019 අතර කාල සීමාවේ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව යම් තත්ත්වයන් සහ සම්බන්ධතා මත එම පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොවූ බවට අමත්‍යවරයා පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුව, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවතින සුප්‍රසිද්ධ සතොස සම්බන්ධ නඩුව, හිටපු අමාත්‍ය විමල් විරවංශගේ අනිසි වත්කම් සම්බන්ධ නඩුව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට පවතින සුප්‍රසිද්ධ කැරම් බෝඩ් නඩුව, බසින් රාජපක්ෂගේ දිවි නැගුම අරමුදලේ මුදල් වැය කිරීම සම්බන්ධ නඩුව ඇතුළු නඩු රැසක් සඳහන් කරමින් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ එම සියලු පැමිණිලි සහ නඩු 2015 – 2019 අතර කාල සීමාවේ ගොනුකර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39