හොංකොං ගුවන්තොටුපලේ අනතුරකින් මගීන් 11 දෙනෙකුට තුවාල

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ලොස් ඇන්ජලීස් වෙත පිටත් වීමට සූදානම්ව සිටි ගුවන් යානයකින් හදිසි තත්වයක් හේතුවෙන් මගීන් ඉවත් කිරීමේදී 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානය කාර්ය මණ්ඩලය 17ක් සහ මගීන් 293ක් රැගෙන පිටත් වීමටයි සුදානම් වී සිට ඇත්තේ.

කැතේ පැසිෆික් සමාගමේ ගුවන් යානයක් වන එය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ මගීන් ඉවත් කර ඇතැයි සඳහන්.

සුළඟේ වේගය සහ දිශාව පෙන්නුම් කරන උපකරණයක ගැටළු හේතුවෙන් ඇති වූ මෙම සිදුවීම වාර්තා වී ඇති බවට ද වාර්තා වනවා.

එමෙන්ම යානය ගුවන්ගත වීමට සූදානම් වීමේදී එහි ටයරයක කිසියම් ගැටලුවක් හඳුනාගෙන ඇති අතර ටයරයක් පුපුරා ගොස් ඇති බවට ද වාර්තා පළවනවා.

ගුවන් යානයේ එක් ටයරයක් අධික ලෙස රත් වීම හේතුවෙන් නිසා එය පුපුරා ගිය බවටයි හොංකොං පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

මේ හේතුවෙන් යානය යළිත් ගුවන් පථයේ සිට ගුවන්තොටුපල මගී පර්යන්තය දක්වා පැමිණ ඇති අතර එහිදී මගීන් ඉවත් කිරීම සිදුකර තිබෙනවා.

පූර්වාරක්ෂාව වෙනුවෙන් මගීන් ඉවත් කිරීමේ දී ගුවන් යානයෙන් පිටවන විට මෙම මගීන්ට තුවාල සිදුවී ඇති බව සඳහන්.

රෝහල්වල ප්‍රතිකාර ලැබූ මගීන් එකොළොස් දෙනාගෙන් නව දෙනෙකුම පිටව ගොස් ඇති අතර රෝහල්ගතව සිටින මගීන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි ගුවන් සමගම ප්‍රකාශ කළේ.

එමෙන්ම මගීන්ට සිදු වූ බාධාව සම්බන්ධයෙන් අවංකවම සමාව අයදින බව කැතේ පැසිෆික් සමාගම සඳහන් කර තිබෙනවා.

කාර්ය මණ්ඩලය විසින් එහි තාක්ෂණික දෝෂය අනාවරණය කර ගැනීමෙන් පසු සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගමන නතර කර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05