spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොංකොං ගුවන්තොටුපලේ අනතුරකින් මගීන් 11 දෙනෙකුට තුවාල

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ලොස් ඇන්ජලීස් වෙත පිටත් වීමට සූදානම්ව සිටි ගුවන් යානයකින් හදිසි තත්වයක් හේතුවෙන් මගීන් ඉවත් කිරීමේදී 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානය කාර්ය මණ්ඩලය 17ක් සහ මගීන් 293ක් රැගෙන පිටත් වීමටයි සුදානම් වී සිට ඇත්තේ.

කැතේ පැසිෆික් සමාගමේ ගුවන් යානයක් වන එය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ මගීන් ඉවත් කර ඇතැයි සඳහන්.

සුළඟේ වේගය සහ දිශාව පෙන්නුම් කරන උපකරණයක ගැටළු හේතුවෙන් ඇති වූ මෙම සිදුවීම වාර්තා වී ඇති බවට ද වාර්තා වනවා.

එමෙන්ම යානය ගුවන්ගත වීමට සූදානම් වීමේදී එහි ටයරයක කිසියම් ගැටලුවක් හඳුනාගෙන ඇති අතර ටයරයක් පුපුරා ගොස් ඇති බවට ද වාර්තා පළවනවා.

ගුවන් යානයේ එක් ටයරයක් අධික ලෙස රත් වීම හේතුවෙන් නිසා එය පුපුරා ගිය බවටයි හොංකොං පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

මේ හේතුවෙන් යානය යළිත් ගුවන් පථයේ සිට ගුවන්තොටුපල මගී පර්යන්තය දක්වා පැමිණ ඇති අතර එහිදී මගීන් ඉවත් කිරීම සිදුකර තිබෙනවා.

පූර්වාරක්ෂාව වෙනුවෙන් මගීන් ඉවත් කිරීමේ දී ගුවන් යානයෙන් පිටවන විට මෙම මගීන්ට තුවාල සිදුවී ඇති බව සඳහන්.

රෝහල්වල ප්‍රතිකාර ලැබූ මගීන් එකොළොස් දෙනාගෙන් නව දෙනෙකුම පිටව ගොස් ඇති අතර රෝහල්ගතව සිටින මගීන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි ගුවන් සමගම ප්‍රකාශ කළේ.

එමෙන්ම මගීන්ට සිදු වූ බාධාව සම්බන්ධයෙන් අවංකවම සමාව අයදින බව කැතේ පැසිෆික් සමාගම සඳහන් කර තිබෙනවා.

කාර්ය මණ්ඩලය විසින් එහි තාක්ෂණික දෝෂය අනාවරණය කර ගැනීමෙන් පසු සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගමන නතර කර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?