හෙට දිනයේ සුරාසැල් වසා තැබෙන ප්‍රදේශ මෙන්න

දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව උතුරු පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති මත්පැන් අලෙවිසැල් හෙට (08) දිනයේ වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ මහිංයගනය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති සුරාසැල්ද හෙට (08) දිනයේ වසා තැබෙනවා.

ඒ, අනුව මෙම ප්‍රදේශයන්වල මත්පැන් විකිණීමට කටයුතු කරන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන යම් සුරාබදු අලෙවිසැලක් වෙතොත් ඒ සම්බන්ධව නීතිය දැඩිව කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.