හෙට දිනයේත් ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

හෙට (26) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.

හෙට (26) දිනයේ පෙරවරු 8.30 සිට සවස 6 දක්වා පූගොඩ ,රන්පොකුණගම නිවාස සංකීර්ණය ,කිරිඳිවෙල,වතුපිටිවල ,මාඉඹුල ,මඩුවේගෙදර ,ඌරාපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.