හැටන් ආශ්‍රිතව නාය යෑම් අවදානමක්

​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් සහ දික්ඔය නගර ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

​තද වර්ෂාපතනයත් සමඟ හැටන් නගරයේ නිවාස තුනක් සහ දික්ඔය නගරයේ නිවාසයක් ජලයෙන් යටවී ඇති බව වාර්තාවෙනවා.

​එමෙන්ම, හැටන් – භගවන්තලාව මාර්ගයේ සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලගැලීම් හටගැනීම හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාව තවදුරටත් පැවතුණහොත් නායයෑම් සහ පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට සහ ප්‍රදේශවාසීන්ට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.