සුරාවෙන් එන ආදායම අඩුවෙලා

මෙම වසරේ මුල් මාස දෙක තුළ අපේක්ෂිත ආදායම නොලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ පසුගිය මාස දෙක තුළ අපේක්ෂිත ආදායම 35% කින් පමණ පහළ ගොස් ඇති බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

මෙම වසර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව ඉපැයිය යුතු ආදායම රුපියල් බිලියන 217ක් වනවා.