සුදු මැස්සන් මර්දනයට අද සිට සතියක්

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් මර්දනයට අද සිට සතියක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය පැවසුවේ සුදු මැස්සන් බහුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එම සතුන් මර්දනය සදහා කොහොඹ තෙල් හා සබන් මිශ්‍රණය ඉසීම සදහා යන්ත්‍ර 700 ක් අනියුක්ත කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි සුදු මැස්සන් මර්දනය කිරීමේ දින 100 ක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන වේගවත් කිරීමේ අරමුණෙන් නව වැඩසටහන ක්‍රියාවට නැංවූ බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවා.

සුදු මැස්සා පොල් ගසේ පත්‍රවලට හානි කරන අතර ඒ හේතුවෙන් ඵලදාවට බලපෑම් එල්ල වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?